Tuteslanka

About Jailbreak

Jailbreak_Header

Jailbreak කියන්නේ මොකක්ද ?

Apple Devices එක්ක නිතර ඇහෙන දෙයක් තමයි මේ ජේල්බ්‍රේක් කියන වචනේ … පැහැදිලි කරොත් Android වල Root කරනව වගේ අපි Apple Operating system එක patch කරලා administrator privileges / root access ගන්නවට තම්යි මේ ජේල්බ්‍රේක් කරනවා කියන්නේ.

Digital Rights Management එහෙමත් නැත්තම් DRM ගොඩක් Smartphones, Tablets සහ Game Consoles නිපදවන සමාගම් වලින් තම නිමැයුම් වලට ඇතුලත් කරනවා ආරක්ශක හේතු මත සහ එම Devices වල Run කරන Softwares / Applications Limit කරන්න. Jailbreak කරනවා කියන්නේ මෙම ක්‍රියාවලිය මඟහැර එම සමාගම් වලින් යොදපු Restrictions /පරිසීමා ගලවා විසිකර දැමීමයි හැක් කිරීමක් මගින්.

Jailbreak කියන Process එක එහෙම නැත්තම් කියාවලියෙන් ඇත්තටම සිද්ද වෙන්නේ දැනට Jailbreak කරන Device එකේ තියන kernel එක අරගෙන ඒ වෙනුවට “Unsigned Code” Run කරන්න වැදගත්වෙන Modifications ගොඩාක් කරලා එහෙ මෙහෙ කරපු Kernel එකක් අර Jailbreak කරන Device එක අස්සට ඔබන එක. මෙමගින් අපිට මම කලින් කිව්වා වගේ Root Permission / administrator privileges හම්බෙනවා. ඉන් පස්සේ අපිට Full / Unrestricted Access හම්බ්වෙනවා Files සහ Folders වලට මේ Device එක අස්සේ තියන.

ඇයි jailbreak කොරන්නේ ?

හෑබෑටම මේක කොරාම මොනවද අපිට හම්බෙන්නේ ? අපිට මේ දේ කරගත්තට පස්සේ වැදගත්මේ දේ තමයි unauthorized apps ලේසියෙන්ම ඔබාගන්න පුලුවන් වෙන එක. අපි ඇපල් ගත්තොත් එම සමාගම විසින් මලාට තම IOS කියන මෙහෙයුම් පද්ධතිය Customize කරන්න දෙන්න නැහැ.. Software එකක් දාගන්නත් රෙද්දේ Itunes දාගන්න ඔනේ. Jailbreak කරාට පස්සේ අපිට කැමැති කැමති Themes , Applications , Tweaks දාගන්න පුලුවන්. සල්ලි දීලා ගන්න ඔනේ ඒවා නිකන් උස්සන් දාගන්න පුලුවන්. හැබයි ඉතින් Android වලනම් මේ දේවල් ඔය මුකුත් නැතුව කරගන්න පුලුවන්.ඒකනේ මම Android පාවිච්චි කරන්නේ 😛

IOS වල ඇති රෙද්දකුත් නැහැ නමුත් , 2009 ඉදන් එකම UI / Interface සහ Home Screen එක දැකලා එපා උන පොරවල්ලට ඉතින් Jailbreak කරන්නම වෙනවා. Applestore/Itunes එකේ තියන Apps විතරයි අපිට දාගන්න අවසර තියෙන්නේ ඇපල් සමාගම විසින්, නමුත් ඉතින් ජේල්බ්‍රේක් කරමානම් ඔනේ හැටියේ වැඩ කිඩ දාගන්න පුලුවන්.

jailbreak_cydia

Cydia කියලා වෙනම Store එකක් තියනවා Jailbreak කරපු Device වලට පට්ට පට්ට Application , Tweaks, Themes , Games සහ අනන් මනන් නොමිලේම දාගන්න.අනික ගොඩක් පට්ට Developersලා මෙතනදි තමුන්ගේ වැඩකිඩ් එලි දක්වනවා මොකද Official Apple Store එකට App එකක් ලියලා දානවා කියන්නේ හෙන වැඩ ගොඩක් නිසා.. නීතී රීති පට්ට සැරැයි.ඇපල්නම් වෙනම Sandbox එකක් හදලා තියෙන්නේ , මේකෙන් පිට යන Apps එකක්වත් ඇතුලට ගන්නේ නැහැ. හිතේ හැටියට ඉතින් ඇප් එකක්වත් ලියන්න නැහැනේ.

කොහොම උනත් ඇපල් ගොයියලාගේ නීතී රීති වලට අනුවනම් ජේල්බ්‍රේක් කරොත් ආපහු Warranty එක දෙන්නේත් නැල්ලු එ වගේම මේ වැඩේ නීති විරොදි සමහරක් රටවල් වල. මම හිතනවා දැන් කට්ටියට පොඩි දැනුමක් තියනවා කියලා මේ ජේල්බ්‍රේක් ගැන.

ජය ශ්‍රී ~!

Similar Artciles from Tech Geek

  • Antivirus ව...

  • About USB 3.0

  • Virtual Machine...



  • Seeker | 2/21/2013 00:27

    Pattazzz Elama kiri thama Bro 😀 😀 thakx Lot

  • Cyc_iDioT | 2/21/2013 09:14

    excellent admin boss… jaya sri..!

  • AXIEx | 2/21/2013 09:36

    Apple device ekak JailBreak karana hatith kiyala Denna :::::

  • Zub-Moon | 2/21/2013 19:33

    fatta g2 ela ela digatama karan yanna 😉

  • thilina | 2/21/2013 21:27

    fatta ahh niymaii 🙂 🙂

  • W33R3 | 2/22/2013 23:13

    නියමයි G2 .පුලුවන්නම් Jailbreak කරපු phone 1k අන්ලොක් කරන විදිහත් දාපන්..

  • Mr.Shen | 2/23/2013 07:45

    Ela aiya… Mage gawa thiyenne Apple iPhone 5 ekak. Eka JailBreak karoth awulak ewida? JailBreak karana hati gana Tute Parak dannako…

  • Swaggy Rox | 2/23/2013 12:48

    pata maxxa bro well done best wishes

  • Mr.Future | 2/23/2013 19:06

    Fatta machan…! clean clear and neat 😀

Enter Your Comment

Tutorials

  • Mac_OsX-Thumb

    Mac OS-X I...

    වින්ඩෝස් Computer එකේ තියෙන ගමන්ම...

Courses

    Subscribe now