Tuteslanka

About USB 3.0

Driver USB Icon

USB 3.0 ගැන සිංහලෙන්

අද මම කතා කරන්න යන්නේ USB 3.0 ගැන විස්තර ටිකක්. ඊට කලින් පොඩ්ඩක් කියන්නම්කෝ USB එහෙමත් නැත්තම් Universal Serial Bus ගැන, 1996දී Intel සමාගමට අයිති වන සාමගමක් විසින් කොම්පුයිටර් සහ ගැජට් එකිනෙක එකතු කරන වැඩේ සිම්පල් කරන්න. සෙට් එක කරපු වැඩේ අම්මපා නැගලම ගියා නොවැ.

USB 3.0 ගැන කතා කරනකොට තියන සිරාම නැත්තම් පට්ටම පට්ට ආතල් එක තමයි Speed එක, එ කිවිවේ වේගය. සාමාන්‍ය USB 2.0 Connection එකකට වඩා 10ගුනයක් මේක වේගවත් වගේම USB 3.0 Device එකක් තිබ්බට ඒක USB 3.0 Port එකකටම Connect කරන්න ඔනේ කියලා නීතියක් නැහැ.. අපේ කොම්පියුටරේ USB 3.0 Ports නැත්තම් 2.0 Port එකකට උනත් ගින්නක් නැතුව ගහගෙන වැඩ කරගන්න පුලුවන් එක තවත් ආතල් feature එකක්. හැබයි USB 3.0 Ports අපේ කොම්පියුටරේ තියාගෙන ගොනා වගේ USB 3.0 Device එකක් අපි USB 2.0 Port එකකට ගැහුවොත් වින්ඩෝස් වලින්නම් පට ගාලා කියනවා මල්ලියේ ඔයිට වඩා ආතල් ගන්න පුලුවන් හරි Port එකට ගැහුවොත් කියලා.

Port එක කොහොමත් එකයිනේ USB වල නමුත් අපිට පුලුවන් වෙනම මේ USB 2.0 සහ 3.0 මීටරේට දාගන්න , ඒක තමයි Connector එක අස්සේ තියන key එකේ පාට.ඒක කලු පාටනම් USB පරන සෙට් එකට අයිතී නමුත් ඒක නිල් පාටනම් පුතේ කොල්ලා ගොඩ, එ කිව්වේ USB 3.0 ගැජට් වල Connector එක අස්සේ තියන key හැම වෙලේම නිල් පාටයි. ඒක නිසා අපිට ලේසියෙන් USB 3.0 Devices සහ Ports මීටරේට දාගන්න පුලුවන් බලපු සෑනින්.

usb3

USB 3.0 වලින් ගොඩාක් වැඩ ගන්න පුලුවන් වෙන්නේ External Hard Disks , Pen-drives වගේ Storage Devices වලට තමයි මොක්ද Speed එක 10 ගුනයක් වැඩි උනාම ඉක්මන්ට File Copy වෙනවනේ. 5gbps සිට 10Gbps දක්වා එහෙමත් නැත්තම් සරලව 1.25GB දක්වා අපිට තප්පරේකට File කොපි කරගැනීමේ හැකියාව හම්බෙනවා USB 3.0 සමග .. තනි ඇහැට ඇඩෙනවනේ. පරිසර හිතකාමි වෙන්න ඔනේ නිසා මෙන්න දැන් USB 3.0 බරටම Power Saving වලට බැහැලා.අවශ්‍ය වෙලාවට විතරක් Power Consume කරන්න දැන් මෙයාලා දන්නවලු. BUS Power එකත් වැඩි කරලලු තියෙන්නේ , ඉතින් අපේ ෆෝන් එහෙම ඉක්මන්ට Charge කරගන්න පුලුවන් මේ සීන් එකෙන්.ඉස්සරහට මොනිටරයක් උනත් USB වලින් පනගන්වන්න පුලුවන්.

usb_monitor

USB video solutions ඉස්සරනම් ඉතින් පොඩ්ඩක් අවුල් මොකද Full Resolution දැම්මොත් හිරවෙන සීන් අනන් මනන් තිබ්බනේ. Throughput එක 450mb වගේ තිබුනේ ඉස්සර උනාට දැන් අවම වශයෙන් USB 3.0 එක්ක 4Gbpsවත් දෙන්න පුලුවන් කියලා සරලවම තේරෙනවනේ. High Quality Video’s උනත් අපිට පට පට ගාලා USB හරහා දැන් Stream කරගන්න පුලුවන්.

මම හිතනවා දැන් සෙට් එකට සරල දැනුමක් තියනවා කියලා USB 3.0 ගැන. වැරදි තියනවනම් කොමෙන්ට් එකක් දාලා කියන්නකො. එහෙනම් අපි කැපුනා ජය ශ්‍රී ~!

Similar Artciles from Tech Geek

  • Antivirus ව...

  • Virtual Machine...

  • About Jailbreak



  • caspervize | 3/5/2013 01:11

    niyamai machanz 😉

  • KH7 | 3/5/2013 11:45

    he he patta.. meka godak watinawa..

Enter Your Comment

Tutorials

  • Mac_OsX-Thumb

    Mac OS-X I...

    වින්ඩෝස් Computer එකේ තියෙන ගමන්ම...

Courses

    Subscribe now