Tuteslanka

Virtual Machines ?

VM_Large Image

Virtual Machine ගැන පොඩි විස්තරයක්

VM එකක් එහෙමත් නැත්තම් Virtual Machine එකක් කියන්නේ අපි දැනට භාවිතා කරන මෙහෙමයුම් පද්ධතියේ ඉන්න ( Ex : windows ) ගමන් Normal Software එකක් ( ex : pain , Notepad , Photoshop ) පාවිච්චි කරන විදිහට තවත් මෙහෙයුම් පද්ධති ( Ubuntu , Mac-osx , Backtrack ) Run කිරීමට යොදාගන්න පුලුවන් අපූරු ක්‍රමයක්.

සරලවම කිව්වොත් අපි ගොඩක් අය පාවිච්චි කරන්නේ Windows OS එක නේ. නමුත් අපිට Ubuntu,backtrack,macosx වගේ Operating system එකක් දාගන්න ඔනේනම් අපේ කොම්පියුටරේට අනිවා Restart කරලා වෙනම Install කරගන්න වෙනවනේ හෙන කෙලියක් කරගෙන. නමුත් Virtual Machine එකකින් පුලුවන් Windows අස්සේ ඉදන්ම අපිට කැමති OS එකක් අපේ කොම්පියුටරේට දාගන්න නිකන් software එකක් install කරගන්නවා වගේ. ඒ එවගේම එකෙන් වැඩ ගන්න ඔනේ වෙලාවට අපිට Computer එක Restart කරන්න ඔනේ නැහැ. නිකන් Software එකක් run කරනවා වගේ ගොඩ දාගන්න පුලුවන්.

මොකක්ද VM එකකින් කරන්නේ ?

මෙම VM එකක් එහෙමත් නැත්තම් Virtual Machine එකක් හැසිරෙන්නේ අතථ්‍ය/කාල්පනික(virtual) පරිගණකයක් විදිහටය. මේය Run වෙන්නේ අපේ දැනට තියන Operating System එක මතමය. අපිට දැන්ට තියන OS එකට HOST OS කියලා කියන්න පුලුවන්. මෙම Virtual Machine එක මගින් අතථ්‍ය/කාල්පනික(virtual) hardware අපි install කරගන්න කැමති OS එකට, ඒ කියන්නේ Host OS එක මත කරගන්න install යන OS එකට එහෙමත් නැත්තම් Guest Operating System එකට ලබා දෙනවා. RAM,CPU,HARD DISK සහ අනන් මනන් සියලුම දේ මෙයාට ලබාදෙනවා අපේ Host Computer එකෙන් අරන්. ඉන් පසුව අපි මේ දාගන්න Guest OS එකට හිතෙන්නේ පොර වැඩ කරන්නේ සිරා කොම්පියුටරයක් ඇතුලේ කියලා නමුත් සිරාවටම පොර වැඩ කරන්නේ Virtual Environment එකක් ඇතුලේ.

VM Multiple OS

Disk Space සහ ඔනේ කරන Resources තියනවනම් කැමති තරම් Virtual Machines හදාගන්න පුලුවන් අපිට. එක වර මේ වගේ VM 10ක් උනත් අපිට එකවර පාවිච්චි කරන්න පුලුවන් කිසිම ගින්නක් නැතුව.නමුත් කට්ටිය අහන්න පුලුවන් ඇයි අපි මේ VM / Virtual Machines පාවිච්චි කරන්නේ කියලා … මෙන්න පොඩි හේතු ටිකක්.

Internet එකෙන් බාගන්න ශුවර් නැති Software දාලා බලන්න.

අනික් Operating Systems ලේසියෙන් Test කරලා බලන්න එක වර අපේ කොම්පුයිටරේට බස්සගන්නේ නැතුව.

අපේ ඉන්න Operating System එකේ ඉදන් පාවිච්චි කරන්න බැරි සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න.

අපි හදන සොෆ්ට්වෙයා Operating System කීපයක Test කරලා බලන්න.

පරන OS එක්ක විතරක් වැඩ කරන ගේම්,සොෆ්ට්වෙයා දාගන්න

කොහොමද අපිත් එකක් හදාගන්නේ ?

දැනට Virtual Machines හදාගන්න උපාකාරි වෙන සොෆ්ට්වෙයා කීපයක් තියනවා , නම් වශයෙන් මෙන්න මේ විදිහට මම දාන්නම් එම වෙබ් අඩවි වලට ලින්ක් එක්ක.

දාන හැටි දනෙන නැත්තම් මෙනන් මෙතනින් බලාගන්න පුලුවන් Ubuntu Server Edition එක Virtual Box ඇතුලේ දාගන්න විදිහ.

http://tutes.lk/lesson/setup_ubuntu_server/install-ubuntu/

ඒකත් හරියන්නේ නැත්තම් ඔන්න බලන්නකො මම Virtual Machine එකක් යොදාගෙන Apple කොම්පියුටර් වලට පමනක් දාන්න පුලුවන් Mac OS-X දාගන්න විදිහ Windows Computer එකක් ඇතුලේ

http://tutes.lk/tutorial/mac-os-x-inside-windows/

කට්ටියට මේ ලිපිය වැදගත් උනානම් Comment එකක් දාන්න අමතක කරන්න එපා.. මගේත් වැරදි තියනවා , එකක් අහු උනොත් මතක ඇතුව කියන්නකො හොදේ.

ජය ශ්‍රී ~!

Similar Artciles from Tech Geek

  • Antivirus ව...

  • About USB 3.0

  • About Jailbreak



  • Deadmou5 | 2/28/2013 19:52

    Machan MAC OS dana hati puluwan nam kiyala deepanko.

  • ....ScoRpioN.... | 2/28/2013 20:40

    fatta ahh bnzzz 🙂 🙂 🙂

  • BlacK KinG | 2/28/2013 23:01

    fatta kolla…. 😀 ada thawa deyak igana gaththa.. ^_^

  • Nuwan Jeewantha | 3/1/2013 18:46

    fatta G2 digatama karagena yanna 😉 good luck

  • Sayuru | 4/6/2013 19:04

    Fatta ah

Enter Your Comment

Tutorials

  • Mac_OsX-Thumb

    Mac OS-X I...

    වින්ඩෝස් Computer එකේ තියෙන ගමන්ම...

Courses

    Subscribe now